Tuesday, November 19, 2013

ඉන්ටෙර්නෙට්  එකෙන් ඩොලර් හොයන්න උනන්දුවෙන කාගේත් කටේ තියෙන වචනයක් තමයි මේ ගූගල් ඇඩ්සෙන්ස් කියන්නේ. ඇත්තටම මොකක්ද මේ ඇඩ්සෙන්ස් කියන්නේ, මේගැන මුල ඉදල අගට මම ඔයාලට විස්තර කියල දෙන්නම්. ඊට ඉස්සෙල්ල මේගැන ලියපු හොද සයිට් එකක් තියෙනව රවුමක් දල බලන්නකෝ තේරුම්ගන්න පුලුවන්ද කියල. මෙන්න එකේ ලින්ක් එක මෙතනින් අතුල්වෙන්නකෝ

හැබැයි  එක තිබුනේ ඉංගිරිසියෙන් නේද ටිකක් තේරුණා මදිවගේනම්අපි ඉස්සරහට යමු.

ගූගල් ඇඩ්සෙන්ස් කියන්නේ ගූගල් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළද දැන්වීම් ප්‍රචාරණය කිරීමේ වැඩසටහනයි. දැනට අන්තර්ජාල වෙළද දැන්වීම් ආයතන විශාල සංඛ්‍යාවක් තිබුනත් පළමු ස්ථානය හිමිවන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වැඩසටහනටයි. මොකද මේ හරහා දැන්වීම් ප්‍රචාරණය කරන්නන්හට විශාල මුදලක් හොයාගන්න පුලුවන්. හබැයි මම එහෙම කිවුවට ආවටගියාවට එහෙම කරල ඇනගෙන මට දොස්කියන්න එපා. මොකද ගූගල් සමාගම ක්‍රියාත්මක කරන නීති පද්ධතියක් තියෙනවා අපි එයට එකග විදියටයි මේක කරන්න ඕන. ගූගල් ඇඩ්සෙන්ස් මගින් හොද අදායමක් හොයන්න පුළුවන් හැබැයි ඊට කලින් මොකක්ද මේ ගූග්ල් ඇඩ්සෙන්ස් කියන්නේ සහ කොහොමද එය ක්රියත්මකවෙන්නේ කියල හොද අවබෝදයක් තියෙන්න ඕන.

නැතිනම් අනිවා ඇඩ්සෙන්ස් අරගෙන වැඩිකලක් නොගොස් ඔයාගේ ඇඩ්සෙන්ස් ගිණුම අක්‍රිය කරගන්නව. මේසදහා ඇයි ඇඩ්සෙන්ස් අක්‍රිය කරන්නේ කියලත් ඔබ දැනගත යුතුයි. මේ නිසා මම හිතන්නේ තව ටිකක් වැඩිපුර මේගැන අධ්‍යනය කරන එක සුදුසුයි.මේ නිසා ගූගල් ඇඩ්සෙන්ස් කියන්නේ මොකක්ද කියල තවටිකක් කියවල ඊලග ලිපියට යමු. ඊට පෙර ගූගල් ඇඩ්සෙන්ස් ගැන වැඩිපුර දැනගන්න මෙතනින් ඇතුළුවෙන්න.

Next
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment