Friday, October 10, 2014

මම ඔයාලට අද ඉදල ෆොරෙක්ස් (Forex) ගැන කියල දෙන ලිපි පෙළක් ලියන්න අදහස් කලා. එහෙනම් අද ඉදල ඉතා සරලව මුල ඉදල ෆොරෙක්ස් (Forex) ගැන ඉගනගනිමුකෝ. අපි දැන් බලමු මොකටද මේ ෆොරෙක්ස් කියන්නේ කියල. බොහොම සරලව කියනවනම් ෆොරෙක්ස් නැතිනම් මුදල් වෙළදපොල කියන වචනය හැදිලා තියෙන්නේ විදේශ මුදල් වෙළදපොල (Foreign Exchange Market) කියන වචනවලින්. ඒ කියන්නේ විකිණුම් හා මිලදීගැනීම් හා සම්බන්ද මහබැංකු, රාජ්‍ය හා  පෞද්ගලික ආයතන, බැංකු හා වෙනත් වෙළදාම් ආයතන වලින් සැදුම්ලත් කේන්ද්‍ර ගත නොවූ විශ්වීය ජාලයක්. අපි මෙයට කියන්නේ ස්ථානිය වෙළදපොලක් නැතිනම්  Spot market එකක් කියල, ඒ කියන්නේ මෙහි දැනට එම වෙළදපොල තුල පවතින ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය කරනුලබන දැනට පවත්නා වෙළදපොල මිලට අනුව ගනුදෙනු සිදුවන වෙළදපොලක්. තව ගොඩක් දේවල් මෙන්න මෙතන තියෙනවා එකටත් රවුමක් දල එන්නකෝ - ෆොරෙක්ස් වලින් මිලියනපතියෙක් වෙන්නට. ලෝකයේ දැනට තිබෙන ඉතා ඉක්මනින් වර්ධනය වන හා විශාලතම වෙළදපොල තමයි ෆොරෙක්ස් කියන්නේ. සෑම වෙළද දිනයකම ෆොරෙක්ස් තුල ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.2 කට වඩා සංසරණය වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවනේ මේකේ තරම. එහෙනම් අපි හෙක හරියට ඉගෙනගෙන සල්ලි හොයන්න පටන්ගනිමු. තව ඉස්සරහට තව තවත් කරුණු ඉතා සරලව කියල දෙන්නම්කො. පහත තියෙන මාතෘකා ටිකත් කියවල බලන්නකෝ හැබැයි තියෙන්නේ English වලින්.

Next
This is the most recent post.
Previous
Older Post

0 comments:

Post a Comment